පසුගිය දා චීන වාණිජ අමාත්‍යාංශය ඉකුත් පළමු කාර්තුවේ චීනයේ විදේශ ආයෝජන පිළිබඳ දත්ත නිකුත් කර ඇත. මේ වසරේ මුල් මාස තුනෙහි විදේශ ආයෝජන සහිත චීන ව්‍යවසායන් සංඛ්‍යාව 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂ ව 4.3%කින් වර්ධනය වූ බවත්, එම කාලයේ චීනයේ සිදු කෙරුණු විදේශ ආයෝජන 10.8%කින් පහත වැටුණු බවත්, එම දත්තයන් හි දැක්වේ. ඇමරිකාව මෑතකදී අධික තීරුබදු පනවමින් ලෝක ආර්ථිකය කැළඹූ පසුබිමක චීන විදේශ ආයෝජන මෙවන් තත්ත්වයක පවත්වා ගැනීම පහසු කාර්යයක් නොවන බව ආර්ථික විශේෂඥයෝ පවසති. ඉකුත් ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක තුළ චීනයේ විදේශ ආයෝජන පහත වැටුණ ද එය පෙර කාලයට වඩා අඩුවීමක් වාර්තා විය. එසේ ම ඉකුත් මාර්තු මාසයේ චීනයේ විදේශ ආයෝජන 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂ ව 13.2%ක වර්ධනයකි. එයින් අවිනිශ්චිත ජගත් ආර්ථික පරිසරය තුළ විදේශ ආයෝජකයන් චීනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටීම පිළිබිඹු වන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.


දකුණු චීන ඇමරිකානු වාණිජ මණ්ඩලය නිකුත් කළ 2025 වාර්තාවකට අනුව ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තියේ වෙනස්වීම හේතුවෙන් තම ව්‍යවසායන්ට සෘණාත්මක බලපෑම් එල්ල වූ බව සමීක්ෂණයකට එක්වූ ව්‍යවසායන්ගෙන් 54%ක් පැවසුවද ඒ අතරින් 58%ක් කියා සිටියේ ලොව ප්‍රමුඛතම ආයෝජන ගමනාන්ත තුන අතර චීනය සිටින බවයි. ජාත්‍යන්තර තත්ත්වය කෙතරම් සංකීර්ණ වුව ද විදේශ ආයෝජකයන් පෙර සේම චීනය සිය ප්‍රමුඛ ආයෝජන ගමනාන්තයක් ලෙස තෝරාගෙන තිබීම කැපී පෙනෙන ප්‍රවණතාවකි. චීනයේ ආයෝජනය කිරීමෙන් ඉහළම ලාභයක් ලබාගත හැකි බව එම විදේශ ආයෝජකයන්ට පැහැදිලි ය.ගෙවුණු වසර කිහිපයේ විදේශ ආයෝජකයන් චීනයේ සිදු කළ සෘජු ආයෝජනවලින් 9%ක පමණ ලාභ අනුපාතිකයක් අත්කර තිබේ. එය ලොව ඉහළම ලාභයකි. චීනයේ තාක්ෂණ නවෝත්පාදනය වේගවත් වර්ධන අදියරකට ප්‍රවේශ වීම තුළින් චීනයේ විදේශ ආයෝජන සහිත ව්‍යවසායන්ට වඩාත් පුළුල් වර්ධන අවකාශයක් ද සැලසේ. එසේ ම ව්‍යාපාරික පරිසරය වඩාත් යහපත් කිරීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩ උත්සාහයක නිරත වෙමින් සිටී. විදේශ ආයෝජකයන්ට චීනයේ ආයෝජන කිරීම සඳහා චීන රජය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතිසංස්කරණ රැසක් සිදු කර තිබේ. ඉකුත් පළමු කාර්තුවේ චීනය“2025 වසරේ විදේශ ආයෝජන ස්ථාවර කිරීමේ ක්‍රියා සැලැස්ම”නිකුත් කළේ ය. එය චීනයේ ආයෝජනය පිළිබඳ විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය වඩාත් තහවුරු කර ඇතැයි නිසැක ය.

More Stories
කිසිදු කොන්දේසියකින් තොරව යුක්රේනය සමග සාකච්ඡා කිරීමට සූදානම් – රුසියාව
පාකිස්ථානයට ජලය සැපයීම අවහිර කරන ක්‍රියාවන්ට එරට අගමැතිවරයාගෙන් දැඩි විරෝධය
ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සත්කාරකත්වය අයුතු ලෙස භාවිත කරන බවට චීනයෙන් චෝදනා