G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ඒකාබද්ධ ප්‍රකාශනය සත්‍යය විකෘති කිරීමක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි. ඇය එසේ ප්‍රකාශ කළේ බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය.
මෑතකදී, G7 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් නැවතත් චීනය සම්බන්ධ ප්‍රශ්න උද්දීපනය කර ඇත. එහිදී තායිවාන ප්‍රශ්නය, සමුද්‍රීය සහ වෙනත් ගැටළු පිළිබඳව චීනයට පදනම් විරහිතව චෝදනා එල්ල කරමින් ‘රුසියාවට ආයුධ සහ ද්විත්ව භාවිත භාණ්ඩ සැපයීම’, ඊනියා චීනයේ නිෂ්පාදන අතිරික්තය සහ හමුදා සංවර්ධනය පිළිබඳව කනස්සල්ල පළ කර ඇත. මේ සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක් දැයි මාධ්‍ය වේදියෙක් විමසීය.
G7 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ඒකාබද්ධ ප්‍රකාශනය සත්‍යය නොසලකා හරිමින්, සැබෑ තත්ත්වය ව්‍යාකූල කිරීමකි. එය චීනයට අපහාස කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ගත් උත්සාහයකි. චීනය ඊට දැඩි අප්‍රසාදය පළ කරන අතර, අදාළ රටවලට දැඩි විරෝධය ප්‍රකාශ කර ඇතැයි ද මාඕ නිං මහත්මිය පෙන්වා දුන්නාය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්