LPL තරඟාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරඟය ජයග්‍රහණය කිරීමට ගෝල් ග්ලඩියේටර්ස් කණ්ඩායම සමත් වුනා.
ඒ ජෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින්.
කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට ගෝල් ග්ලඩියේටර්ස් කණ්ඩායමට අරාධනා කළා.
එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ ලකුණු 56ක් ලබාගත් අතර සමිත් පටෙල් නොදැවී රුස්කළ ලකුණු සංඛ්‍යාව 42ක්.
පන්දු යැවීමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ජේඩන් සීල්ස් කඩුළු 3ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුළු 2ක් බිඳ හෙලුවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දු වාර 18.4 ක් තුළ සියලු දෙනා දැවී රුස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණයි.
මෙවර තරඟාවලිය සඳහා ප්‍රේක්ෂකාගාර ධාරිතාවයෙන් 50% ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලිග් හි පළමු වටයේ තරඟ සියල්ල කොළඹ ආර්, ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක අතර අවසන් මහා තරඟය දෙසැම්බර් 23 වනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි