ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ පළමු තරඟය කඩුළු 06කින් ජය ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත් වුනා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 145ක්.
නායක ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 50යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05 කදී කඩුළු 04කට ලකුණු 146ක් ලබා ගනිමින් තර්ඟයේ ජය තහවුරු කරගනු ලැබුවා.
ජනිත් ලියනගේ නොදැවී ලකුණු 56යි.
මේ අතර ඊයේ පැවති දෙවන තරඟයේ ජය හිමිකර ගනු ලැබූවේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින්.
කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 05කට ලකුණු 188ක් රැස් කරගනු ලැබුවා.
කුසල් මෙන්ඩිස් ලකුණු 85යි.
දනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස්කරගනු ලැබුවා.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දු වාර 16යි පන්දු 05කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.
නුවන් තුෂාර ලකුණු 13කට කඩුළු 5යි.
ඒ අනුව ලකුනු 64කින් තරඟයේ ජය හිමිකර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එල් පී එල් අවසන් මහා තරඟයට සුදුකම් ලබා ගත්තා
මෙම තරඟයෙන් පරාජයට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හෙට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව අවසන් වටයේ තුන්වන තරඟය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඉන් ජයගනු ලබන කණ්ඩායම එළඹෙන බ්‍රහස්පතින්දා අවසන් මහා තරඟයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග තරඟ වදිනු ඇති.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්