කල්පවත්නා සටන් විරාමයක් සහතික කිරීම සඳහා ගාසාහි සටන් විරාම ගිවිසුම සම්පූර්ණ ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ප්‍රකාශ කරයි.
ඔහු එසේ ප්‍රකාශ කළේ පලස්තීන-ඊශ්‍රායල ගැටළුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පසුගිය දා(25) පැවති විවෘත රැස්වීමේදීය.
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම කඩකිරීම් මෑතකදී නිරන්තරයෙන් සිදු වූ බවත්, චීනය මේ පිළිබඳව දැඩි කණස්සල්ලෙන් සිටින බවත් Fu Cong මහතා පැවසීය. අදාළ පාර්ශ්වයන් සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින්, විශේෂයෙන්ම මානුෂීය සැපයුම් සඳහා ප්‍රවේශය සහ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සානුකම්පිත ආකල්පයක සිට සටන් විරාමයේ අවශ්‍යතා දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම ජෝර්දාන බටහිර ඉවුර, මීළඟ ගාසා තීරය බවට පත් නොවිය යුතු බවත් එම ප්‍රදේශයේ සිය හමුදා මෙහෙයුම් හා ජනාවාස ව්‍යාප්ත කිරීම නවත්වන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියි. තත්ත්වය කඩිනමින් සමනය කිරීම සඳහා සියළු පාර්ශව එක්ව කටයුතු කරන ලෙසට ඔහු ආයාචනය කර ඇත.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය