චීනයේ විදුලි මෝටර් රථ කෙරෙහි යුරෝපා සංගමය සහනාධාර විරෝධි තාවකාලික රේගු බදු පැනවීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කර එය විසඳීමට කටයුතු කරන බව ජර්මනියේ අග්‍රාමාත්‍ය Olaf Scholz මහතා ඊයේ(2) ප්‍රකාශ කළේය. යුරෝපා සංගමයේ ප්‍රතිපියවර මගින් තමන්ට හානි සිදු නොවිය යුතු බව ද හෙතෙම අවධාරණය කර ඇත.
ජර්මන් මුදල් අමාත්‍ය Christian Lindner මහතා එදිනම සිය රජයෙන් ඉල්ලා සිටියේ හෙට(4) පැවැත්වීමට නියමිත යුරෝපා සංගමයේ ඡන්ද විමසීමේදී චීනයේ විදුලි මෝටර් රථ කෙරෙහි සහනාධාර විරෝධි තාවකාලික රේගු බදු පැනවීමට විරුද්ධව ඡන්දය ලබා දෙන ලෙසයි. යුරෝපා සංගම් කමිටුව ඉදිරිපත් කළ සහනාධාර විරෝධි තාවකාලික රේගු බදු පැනවීමේ යෝජනාව වැරදි පියවරක් බව හෙතෙම ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජර්මනියේ බොහෝ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කර ඇත්තේ මෙම රේගු බදු පැනවීමට විරුද්ධ වන බවයි. ජර්මන් ආර්ථික සමෘද්ධිය බොහෝ දුරට විවෘත වෙළඳපොල හා නිදහස් වෙළඳාම මත පදනම් වන අතර යුරෝපා සංගමයේ මෙම ක්‍රියාවෙන් අවසානයේ කිසිදු ජයග්‍රාහකයෙක් නොමැති වෙළඳ ගැටළුවක් නිර්මාණය විය හැකි බව BMW සමූහයේ සභාපතිවරයා ඊයේ(2) ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි