චීන මාධ්‍ය සමූහය සංවිධාන කරන “වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ බොගෝටා අගනුවරදී පසුගිය 14 වැනිදා පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දොපර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් එම සංවාදයට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. කොලොම්බියාවේ චීන තානාපති Zhu Jingyang මහතා, කොලොම්බියාවේ කර්මාන්ත, වාණිජ හා සංචාරක අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍ය Cielo Rusinque මහත්මිය ඇතුළු දෙරටේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයින් 150 ක පමණ පිරිසක් එම සංවාදයට සහභාගී වී ඇත.
ලොව විශාලතම, වැඩිම මාධ්‍ය ආකෘති සහිත, පුළුල්ම ආවරණයකින් යුත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ලෙස, චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙළේ සුසංයෝගාත්මක විකාශ ශක්‍යතා හා විද්‍යා තාක්ෂණ නවෝත්පාදන හැකියාවන් විදහා පාමින් ලෝක පොදු සමෘද්ධිය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සහ මානව වර්ගයාගේ වඩාත් සුන්දර අනාගතයක් වෙනුවෙන් දායකවීමට කැමැත්තෙන් සිටින බව Shen Haixiong මහතා එහිදී ප්‍රකාශ කළේය.
මාධ්‍ය සහයෝගිතා හරහා සංස්කෘතික හුවමාරු හා පොදු ජයග්‍රහණ ප්‍රවර්ධන කිරීමට චීන මාධ්‍ය සමූහය සැමවිටම දායක වෙමින් සිටින බව Cielo Rusinque මහත්මිය එම අවස්ථාවේදී පැවසුවාය. රටවල් හා ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම විශ්වාසය තහවුරු කිරීමට චීන මාධ්‍ය සමූහයේ ප්‍රයත්නයන් ඉතා වැදගත් බව ද ඇය පෙන්වා දුන්නාය.

More Stories
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර