දිවයිනේ සියලුම රජයේ රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණයකර තිබෙනවා.
ඒ වෛද්‍යවරුන්ගේ මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව, සෞඛ්‍ය අමාත්‍යංශය අත්තනෝමතිකව වෛද්‍ය අනියුක්ත කිරීම් සිදුකිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් .
වර්ජනය ක්‍රියාත්මක වුවද දිවයින පුරා සියලු රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු කිසිදු අවහිරතාවයකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ.
කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීම ආයතන සංග්‍රහය අනුව මිස මාරු මණ්ඩලයක් හරහා සිදු නොවන බැවින් මෙම වර්ජනය හුදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් පමණක් බවයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට විරෝධය පළ කරනවා.
එහි සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ රෝගීන් අපහසුතාවයට පත් කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්