චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වන සංවත්සරය වෙනුවෙන් ලෝක නායකයෝ සුබ පැතුම් එක් කරති. ප්රංශය, දකුණු අප්රිකාව, පාකිස්ථානය ඇතුළු විවිධ රටවල නායකයින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත සිය සුබ පැතුම් යොමු කර ඇත.
2024 වර්ෂයේ දී චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන සංවත්සරය මෙන්ම ප්රංශය සහ චීනය අතර රාජ්යතාන්ත්රික සබඳතා පිහිටුවීමේ 60 වන සංවත්සරය ද යෙදී ඇති බවත් ෂී ජින්පිං මහතා පසුගිය මැයි මස ප්රංශයේ සිදු කළ නිල සංචාරය විශේෂ අවස්ථාවක් බවත් ප්රංශ ජනාධිපති Emmanuel Macron මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත. මේ අතර දකුණු අප්රිකානු ජනාධිපති Cyril Ramaphosa මහතා චීනය සමග සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවත්, ගෝලීය වශයෙන් චීනය ඉටු කරන කාර්යභාරයට සහාය ලබා දෙන බවත් ප්රකාශ කර ඇත.
චීනය නිසැක වශයෙන් ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගනු ඇති අතර පාකිස්ථානය චීනයේ සමීප සහ විශ්වසනීය මිතුරෙකු ලෙස සෑම විටම කටයුතු කරන බව පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා පෙන්වා දී තිබේ. තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝන් රජු ද සුබ පැතුම් එක් කරමින් ගෝලීය සාමය සහ සංවර්ධනය වෙනුවෙන් චීනය සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ප්රකාශ කළේ ය.
මැලේසියාවේ පොදු අභිමතාර්ථ ඉටු කර ගැනීමේ දී චීනය සමග එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මැලේසියාවේ සුල්තාන් ඊබ්රාහිම් සුල්තාන් ඉස්කන්දාර් රජු අවධාරණය කර ඇත. එමෙන්ම මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා කියාසිටියේ එකම චීනය මූලධර්මය දැඩිව අනුගමනය කරන බවත්, ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව වැඩි දියුණු වී සමෘද්ධිමත් බව ළඟා කර ගැනීමට හැකි වනු ඇති බවයි.
මේ අතර කිර්ගිස්ථානය, ඉරානය, ටැන්සානියාව, සීෂෙල්ස්, පෝලන්තය, ෆින්ලන්තය, හොන්ඩුරාස් යන රටවල ජනාධිපතිවරුන් ද සුබ පැතුම් යොමු කරමින් චීනය සමග සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ප්රකාශ කළහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres මහතා ද සිය උණුසුම් සුබ පැතුම් පිරිනමමින්, මෙම සුවිශේෂ අවස්ථාව චීන ජනතාව සමග එක්ව සැමරීමට අපේක්ෂා කරන බව ප්රකාශ කළේය. එමෙන්ම චීන ජනතාවට සහ ලොව පුරා සිටින ජනතාවට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි