ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර නියමිත වේලාවට නොයැවීම හේතුවෙන් තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම කර තිබෙනවා.
මේ අතර ජාත්‍යන්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පැතුම් නිස්සංකට අවවාද කර තිබෙනවා.
මීට අමතරව ඔහුගේ විනය වාර්තාවට අප්‍රසාද ලකුණුක් ද එක්කර තිබෙනවා. පැතුම් නිශ්ශංක පන්ඳුවට පහර දෙමින් සිටියදී ඔහු එල්ල කළ පහරක් වැරදි යාමෙන් පසු ඔහු විසින් දක්වන ලද වාචික ප්‍රතිචාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතියේ වගන්ති උල්ලංඝනය කර ඇති බවයි තහවුරුවී ඇත්තේ.
නායක දසුන් ශානක හා පැතුම් නිස්සංක තම වැරදි පිළිගෙන ඇති බැවින් වැඩිදුර විභාගයක් අවශ්‍ය නොවන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි