ශ්‍රී ලංකා හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතට අනුව චෝදනා 03 කට වැරදිකරු බවට සනාථ වී ඇත.
එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද නිවේදනය කළේය.
ඒ, ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ දීර්ඝ විභාගයකින් අනතුරුවයි.
ඔහුට එරෙහිව 2019 වසරේ නොවැම්බර් මාසයේදී ICC දූෂණ මර්දන පනත යටතේ මෙම චෝදනා ගොනුකර තිබුණා.
දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම තවදුරටත් වලංගු වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. ඔහුට එරෙහිව ඉදිරියේදී දඩුවම් පනවන බවද එම නිවේදනයේ දැක්වෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට