පසුගිය දශකයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් අයි.සී.සී දශකයේ විස්ස්යි විස්ස ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද ප්‍රකාශයට පත් කළා. එම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුළත්. ආරම්භක පිතිකරුවන් ලෙස රෝහිට් ෂර්මා සහ ක්‍රිස් ගේල් මෙම කණ්ඩායමට නම් කර ඇති අතර, ආරෝන් ෆින්ච්, විරාට් කෝලි, ඒ.බී. ඩි විලියස්, ග්ලේන් මැක්ස්වෙල් යන පිතිකරුවන් ද කණ්ඩායමට ඇතුළත්. කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනි. මීට අමතරව කිරන් පොලාඩ්, රෂීඩ් ඛාන් සහ ජස්ප්‍රිට් බුම්රා ද කණ්ඩායමට නම් කර තිබෙනවා.
අයි.සී.සී දශකයේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමද ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කළා. ඒ, පසුගිය දශකයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්. එම කණ්ඩායමට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ද ඇතුළත්. ඇලස්ටයාර් කුක් සහ ඩේවිඩ් වෝනර් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර තිබෙනවා කේන් විලියම්සන් අංක 3 පිතිකරු ලෙසත්, විරාට් කෝලි කණ්ඩායමේ නායකයා ලෙසත් නම් කර ඇති අතර කුමාර් සංගක්කාර කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ඊට ඇතුළත්. මීට අමතරව ස්ටීව් ස්මිත්, බෙන් ස්ටොක්ස්, ආර්. අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් ද අයි.සී.සී දශකයේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නම් කර තිබෙනවා.
මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් දශකයේ එක්දින කණ්ඩායමට ද ලසිත් මාලිංග නම් කෙරෙ. ඒ, පසුගිය දශකයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්. කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා ලෙස කටයුතු කරන්නේ මහේන්ද්‍ර සිං දෝනියි. රෝහිට් ෂර්මා, ඩේවිඩ් වෝනර් ආරම්භක පිතිකරුවන් ලෙස එම කණ්ඩායමට නම් කර ඇති අතර, විරාට් කෝලි, ඒ.බී. ඩි විලියස්, ශකිබ් අල් හසාන් ද කණ්ඩායමට නම් කර තිබෙනවා. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්, මිචෙල් ස්ටක්, ට්‍රෙන්ට් බෝල්ට් වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග සමගින් කණ්ඩායමට ඇතුළත්. ඉම්රාන් තහීර් ඊට නම් කර ඇත්තේ දග පන්දු යවන්නෙකු ලෙසයි.
-අන්තර්ජාලය ඇසුරින්
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්