ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර අදින් (04) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව එංගලන්තය හා ඉන්දියාව අතර ආරම්භ වන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමඟ මෙම ලෝක ටෙස්ට් ශූරතාවලි ආරම්භ වනවා.
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර (2021-23) සදහා ද රටවල් 9ක් තරග වදිනවා.
ටෙස්ට් තරගාවලියකට පවතින තරග ප්‍රමාණය නොසලකා සෑම ටෙස්ට් තරගයකටම සමාන ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් පිරිනැමීමට මෙම අදියරේ දී කටයුතු කිරීම විශේෂත්වයක්.
මීට පෙර පළමු අදියර සදහා ලකුණු ලබා දීමේ දී තරගයක් සදහා සමාන ලකුණු සංඛ්‍යාවක් ලබා නොදුන් අතර, තරගාවලියක් සදහා සමාන ලකුණු සංඛ්‍යාවක් (120) ලබා දුන්නා.
ඒ අනුව නව ක්‍රමවේදය අනුව එක් ජයග්රහනයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 12ක් ද, ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් සදහා ප්‍රසාද ලකුණු 4ක් ද, ලකුණු සමවන තරගයක් සදහා ප්‍රසාද ලකුණු 6ක් ද පිරිනැමීමට නියමිතයි.
අද සිට 2023 වසරේ මාර්තු 31 දක්වා එම තරගාවලි ක්‍රියාත්මක වන අතර, අවසන් තරගය පැවැත්වෙන රට සම්බන්ධයෙන් මේ වන තෙක් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර නැහැ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්