IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සිටියදී අත්අඩංගුව ගෙන තිබෙනවා.
ඔහු එහිදී පවසා ඇත්තේ තමන් IDH රෝහලෙන් අද උදෑසන පැනගිය බව කියන කොරෝනා ආසදිතයා බවයි.
ජාතික රෝහල අසලදී මොහු අත්අඩංගුවට ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සදහන් කළා.
එල්සියාම් නසීම් නමැති 41 හැවිරිදි මෙම පුද්ගලයා සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර්, ත්‍රිකුණාමලය යන ලිපිනයේ පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහිවී සිටි මොහු අපරාධ විමර්ශනය සදහා අවශ්යකෙරෙන සැකකරුවෙකු බවයි පොලීසිය සදහන් කරන්නේ.
නව්‍ය කොරෝනා වැළදීම හේතුවෙන් ඔහු අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ පැනගොස් තිබෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කළා.
ඒ අනුව ආරක්ෂක අංශ එක්ව ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්