පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ස්ටැන්ලි පෙරේරා නැමැත්තා සේවය අතහැර ගියා සේ සලකා සේවයෙන් ඉවත් කිරීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව ඊට වන්දියක් වශයෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර / පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් 04 කට නියෝග කළා.
පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ස්ටැන්ලි පෙරේරා ගොණුකර තිබු පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ.
අදාල පොලිස් පරීක්ෂකවරයා සිය පෙත්සමේ සදහන් කර තිබුනේ තමා මත්ද්‍රව්‍ය වැටලීම් රැසකට සහභාගී වු බැවින් තමාට මරණ තර්ජන පැවති බවයි.
එබැවින් තම රාජකාරි ගිනි අවිය රාජකාරි කාලයෙන් බැහැරව භාවිත කිරීමට තමන් අවසර ඉල්ලා සිටි නමුත් අවසරය නොලැබීම හමුවේ සේවය අතහැර යාමට සිදුවු බවයි ඩබ්ලිව් ස්ටැන්ලි පෙරේරා නැමැති පෙත්සම්කරු සිය පෙත්සමේ දක්වා තිබුණේ.
2017 මාර්තු 17 සිට බලපැවැත්වෙන පරිදි ඔහු සේවයේ පිහිටුවන ලෙසත් / එම කාල සීමාවට අදාල හිග වැටුප් දිමනා හා වැටුප් වර්ධකද ලබාදෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළා.
එමෙන්ම අදාල පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරී ගිනි අවිය නැවත ඔහුට දෙන ලෙසද මෙහිදි පොලිස්පතිවරයාට නියෝග කෙරුණු බවයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
එමෙන්ම නඩු ගාස්තු ලෙස රුපියල් පනස්දහසක් අදාල පොලිස් පරීක්ෂකවරයාට ගෙවන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට දැනුම් දුන්නා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්