චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ අදහස් ඇතුළත් වැදගත් ලිපියක් පළ කෙරේ.
පක්ෂයේ ස්වයං විපල්වය ගැඹුරු ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන ජනපතිගේ මගපෙන්වීම් ඇතුළත් එම ලිපිය අද(16) නිකුත් වන Qiushi සඟරාවේ 24 වැනි කලාපයේ පළ කෙරෙනු ඇත.
නව යුගයේ ගෙවුණු දශකය තුළ පක්ෂය දැඩි ලෙස පාලනය කිරීම පරිපූර්ණ කරගැනීම් හා න්‍යායාත්මක සොයා ගැනීම් තුළ පක්ෂයේ ස්වයං විපල්වය කෙරෙහි අවබෝධය චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව ගැඹුරු කරමින් පවතී.ඉන් බිහිවූ සරු අත්දැකීම් මගින් වැදගත් න්‍යායික ප්‍රතිඵල මාලාවක් නිර්මාණය වී ඇත.චීන කොමියුනිස්ට් පක්ෂය ස්වයං විපල්වයක් සිදු කිරීමේ හේතුව, ස්වයං විපල්වයක් ඉටු කර ගැනීමට හැකිවීමේ හේතුව, මෙන්ම ස්වයං විපල්වය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට ඉන් පද්ධතිමය පිලිතුරු ඉදිරිපත් කෙරේ.
පක්ෂයේ ස්වයං විප්ලවය ගැඹුරු ලෙස ඉදිරියට ගෙන යාමේදී වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළ යුතු බව එම ලිපියේ සඳහන් වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමූහික නායකත්වය යන උත්තරීතර දේශපාලන මූලධර්මය අනුගමනය කිරීම මූලික සහතිකයකි. දැවැන්ත සාමාජීය විපල්වයකට නායක්වය දීම, මූලික ඉලක්කය ලෙස සැලකිය යුතුය. නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනය අනුගමනය කළ යුතුය. ඓතිහාසික චක්‍රයෙන් පිටතට පැමිණ උපායමාර්ගික ඉලක්කයක් ලෙස කටයුතු කළ යුතු බවද එහි සඳහන් වෙයි. විශාල පක්ෂයක පවතින විශේෂ ගැටළු විසඳා ගැනීම පක්ෂයේ ස්වයං විපල්වයේ ප්‍රධාන කටයුත්තකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ පරිපාලන පද්ධතිය තුළ දැඩි විනය තවදුරටත් තහවුරු කළ යුතු අතර ශක්තිමත් සංවිධාන හා සාමාජිකයන් පිරිසක් ගොඩනැගීමට අවධානය යොමු කළ යුතුය.දැඩි විනය තහවුරු කර දූෂණ විරෝධය පක්ෂයේ ස්වයං විපල්වය ගැඹුරු ලෙස ඉදිරියට ගෙන යාමට අදාළ කාර්යයන්හී කේන්ද්‍රීය කෙටසකි. ස්වයං අධීක්ෂණය හා ජනතා අධීක්ෂණය එක්තු වීම ප්‍රබල ශක්තියක් ලෙසට සැලකිය යුතු බව ද එම ලිපියේ සඳහන් වෙයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි