චීන විදේශ අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාලය ඊයේ(9) ඒකාබද්ධව සංවිධාන කළ මෙම සංවාදය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ලිඛිත දේශනයක් පැවැත්වීය.
සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින් එක් එක් රටවලට උචිත පරිදි තෝරා ගත් මානව හිමිකම් සංවර්ධන කටයුතු සඳහා ගරු කළ යුතු බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම සමගිය හා සහයෝගිතාව තහවුරු කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වඩා වැඩි අනුබල දීම ප්‍රවර්ධනය කිරීමට සංවර්ධිත රටවල් ක්‍රියා කළ යුතු බවද හෙතෙම පැවසීය. ගෝලීය මානව හිමිකම් ව්‍යායාමයේ විධිමත් මෙන්ම තිරසර සංවර්ධනය පොළඹවීම සඳහා එක් එක් රටවල් හා එක්සත් ජාතීන්ගේ ආයතන සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවද වං යී මහතාගේ දේශනයේ දැක්වේ.
කොංගෝව, අයිවරි කෝස්ට් රාජ්‍යය, මොරිටේනියාව සහ යේමනය ඇතුළු රටවල් හා කලාපීය සංවිධාන 50 කට ආසන්න අමාත්‍යවරුන්, නියෝජිතවරුන්, එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාලයේ නියෝජිතවරුන් ඇතුළු පිරිසක් මෙම සංවාදයට සහභාගී වූහ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි