උදා වන්නා වූ චීනයේ සාම්ප්‍රදායික නව වසරට චීන මාධ්‍ය සමූහය පැවැත්වීමට නියමිත රාත්‍රී ප්‍රසංගයට අනන්‍ය වූ විශේෂත්වයන් හඳුන්වා දෙයි.
චීනයේ සාම්ප්‍රදායික නව වසර, එනම් වසන්ත උත්සවය යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් වීමෙන් පසු චීන මාධ්‍ය සමූහය පවත්වන ප්‍රථම රාත්‍රී ප්‍රසංගය මෙයයි. ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතිකාංග රැසක් ඊට එක් කිරීම මෙන් ම වසන්ත උත්සව සංස්කෘතියෙන් අන්තර්ජාතික මානව හුවමාරු තහවුරු කිරීමත් එහි විශේෂත්වයකි.
මෙවර ප්‍රසංගයේ දී සංගීත, නර්තන, චීන ඔපෙරා කලාව, සටන් කලාව ඇතුළු විවිධාකාර වැඩසටහන් ඉදිරිපත් කරනවා පමණක් නොව, රටේ ඒ ඒ ක්ෂේත්රවල නිරත දැඩි කැපවීමෙන් සේවය කරන පිරිස් වැඩසටහන් සඳහා එක් වීම ද කැපී පෙනෙන කරුණකි. තවද, ශ්‍රවණ සහ කථන ආබාධ සහිත පුද්ගලයින් සඳහා සංඥා භාෂා මාධ්‍යයෙන් මෙම ප්‍රසංගය ඉදිරිපත් කිරීම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ඔස්සේ විකාශන කටයුතු ක්‍රියාවට නැංවීම ඇතුළු එහි අනන්‍යතාවන් ද හඳුන්වා දී තිබේ.


ඊයේ(19) චීන මාධ්‍ය සමූහය පැවැත්වූ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය පිළිබඳ මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු විස්තර කෙරිණ. එහි දී වැඩසටහන් ඉදිරිපත් කරන පූරකයින් ද හඳුන්වා දී තිබේ. එළඹන 28 වැනි දා රාත්‍රී 8ට, මෙම ප්‍රසංගය රට පුරා විකාශය කිරීමට නියමිත ව ඇත. චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව, භාෂා 82කින් විදේශ රටවල් වෙත විකාශන කටයුතු විසුරුවා හැරීමට ද අපේක්ෂා කෙරේ.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති