මෙවර IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයින් 38 දෙනෙකු මේ වන විට ඔස්ට්‍රේලියාවට ඒමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටියි.
ඉන්දියාවේ සිට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු හට මැයි 15 තෙක් ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කරමින් පැනවූ සංචාරක තහනම ඔවුන්ව ඔස්ට්‍රේලියාවට සෘජුව ගෙන්වා ගැනීමට නොහැකිවීමට හේතුවී තිබේ.
කෙසේවෙතත්, තවත් දින දෙක තුනකින් එම ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට හෝ මාල දිවයිනට පිටත් කර හැරීමට Cricket Australia ආයතනයේ අතුරු ප්‍රධාන විධායක Nick Hockley අපේක්ෂා කරයි.
ඉන් අනතුරුව ඔවුන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන විශේෂ ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇත.
“අපි කිසිම ආකාරයක විශේෂ නිදහස් කිරීමමක් අපේක්ෂා කරන්නේ නැහැ. අපගේ මූලික ප්‍රමුඛතාවය වන්නේ ඔවුන් ආරක්ෂිතව හා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමයි.” යනුවෙන් Nick Hockley මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි