ඉන්දියාව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මැද දැඩි සටනකට මැදිවීම සමඟින් අභියෝග රැසක් මැද ඉන්දීය ක්‍රිකට් ආයතනය 14 වැනි වරට සංවිධාන කරන ලොව වැඩිම අවධානයක් දිනාගත් ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලිය අද (9) ආරම්භ වෙයි.
මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වය යටතේ පසුගිය වසරේ ශූරයන් වූ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිල සහ විරාට් කෝලි මෙහෙයවන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර, අද චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතය.
අඛණ්ඩව තෙවැනි වරටත් කිරුළ රැක ගැනීමේ අරමුණින් මේ තරගාවලියට එක්වන මුම්බායි පිල මේ තරගාවලියේ සාර්ථක කණ්ඩායම බවට පත්ව ඇත්තේ මේ වන විට ශූරතා 5ක් දිනා ඇති බැවිනි.
කණ්ඩායම් 8ක් එක් වන තරගාවලිය තරග 60කින් සමන්විත වන අතර, මූලික වටයේ තරග සංඛ්‍යාව 56කි. එහිදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමඟින් දෙවරක් තරග වදිණු ඇත. මැයි මස 23 වැනිදා මූලික වටයේ තරග නිමා වන අතර, තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 30 වැනිදාය. තරග ක්‍රීඩාංගණ 6කදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
රටවල් රැසක් මෙවර තම ජාතික කණ්ඩායම්වල ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් අයිපීඑල් තරගාවලියට එක්වීම සඳහා ජාතික කණ්ඩායම්වලින් නිදහස් කර ඇත්තේ ජාතික කණ්ඩායම එක් වන තරගාවලි ද අමතක කරමිනි. ඊට හේතු වී ඇත්තේ මේ වසරේදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමයි.
එහෙත් මෙවර අයිපීඑල් තරගාවලියට කිසිදු ශ්‍රී ලාංකික ක්රීඩකයකුට එක් වීමට අවස්ථාව හිමි නොවූ අතර, මුම්බායි පුහුණුකරු මහේල ජයවර්ධන සමඟින් කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවෙන් තරගාවලියට එක්ව සිටිති. සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, මුත්තයියා සන්රයිසස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්