ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියරේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.
මෙය මුම්බායි කණ්ඩායම හමුවේ අඛණ්ඩව තරග 5ක් පරාජයට පත්වීමෙන් අනතුරුව චෙන්නායි කණ්ඩායම ලැබූ පළමු ජය වීම විශේෂත්වයක්.
2012 වසරෙන් අනතුරුව මුම්බායි කණ්ඩායම මෙතෙක් පැවැති කිසිදු අයි.පී.එල් තරගාවලියක දී තමන් සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට සමත් වී නැහැ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි