කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැතැයි රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක දැනුම් දෙයි.
පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට (පොසිටිව්) නිගමනය කළත් ඔහුට සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බවට (නෙගටිව්) ප්‍රතිඵල නිකුත් වී ඇත.
පසුගිය 13 වැනිදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය හමුවට ද මොහු සහභාගි වී සිටි බැවින්, එම මාධ්‍ය හමුවට සහභාගි වූ සියලු මාධ්‍යවේදීන්ට නිවෙස් වලට වී සිටින ලෙසට නිවේදනයක් ද මින් පෙර නිකුත් විය.
අලුත්ම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව තවදුරටත් පෙර කී මාධ්‍යවේදීන් නිවෙස් වලට වී සිටිය යුතු නැති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව ප්‍රකාශ කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට