LPL ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන ජැෆ්නා කිංස් කණ්ඩායමේ පුහුණුකරුවන් සහ කාර්යය මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජැෆ්නා කිංස් කණ්ඩායමේ තොරතුරු හා මාධ්‍ය ඒකකය සඳහන් කළේ සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට ප්‍රවීණ ක්‍රීඩක තිළිණ කණ්ඩම්බි පත් කර ඇති බවයි.
එමෙන්ම සහය පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ හිටපු ක්‍රීඩකයෙකු වන මාරියෝ වෙල්ලවරායන්
පිතිකරන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් සහ දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ පත්කර තිබෙනවා.
පන්දු රැකීමේ පුහුණුකරු ලෙස විමුක්ති දේශප්‍රිය පත් කර ඇති අතර කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස සංජීව ගමගේ පත් කර ඇති බවයි ජැෆ්නා කිංස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි