ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.
ඒ කඩුළු 8කිනි.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවී ලකුණු 110ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂන කඩුළු 3 බැගින් දවාගත්තේය.
අනතුරුව පිටියට පැමිණි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 3කදී කඩුළු 2ක් දැවී ලකුණු 114ක් රැස්කර ගැනීමට සමත් විය.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ටොම් කොහොලර් නොදැවී ලකුණු 45ක් රැස්කර ගැනීමට සමත් විය.
ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් රැස්කර ගත්තේය.
තරගයේ වීරයා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මහේෂ් තීක්ෂන විසින් දිනා ගැනීමට සමත් විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි