Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය දින 100 සපුරයි. ඊයේ (24) වන විට ගෙවුණු දින 100 ක කාලය තුළ මගීන් 14 ලක්ෂ 50 000 ක් එහි ගමන් කර ඇති අතර, මගී ප්‍රවාහනය තවදුරටත් ඉහළ ප්‍රමිතියක පවතින බව සීමාසහිත චීන දුම්රිය මාර්ග ජාත්‍යන්තර සමාගම කියාසිටී.
ඉන්දුනීසියාවේ සමුද්‍ර හා ආයෝජන සම්බන්ධීකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය Septian Hario Seto මහතා, චීනයේ Xinhua පුවත් ඒජන්සිය සමඟ ඊයේ (24) පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ, Jakarta-Bandung අධිවේගී දුම්රිය නගර දෙක අතර ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කළ බවයි. චීනය සමඟ සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීමට ඉන්දුනීසියාව බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. මෙම අධිවේගී දුම්රිය සහයෝගීතා තුළින් ඉන්දුනීසියාවට බොහෝ ප්රතිලාභ හිමිව තිබේ. රටට දියුණු තාක්ෂණය හඳුන්වා දීම පමණක් නොව, දැනුම හුවමාරු කිරීමෙන් මානව ප්රාග්ධනය ද එහිදී වැඩිදියුණු කෙරුණු බව, Septian Hario Seto මහතා සඳහන් කළේ ය.
Jakarta-Bandung අධිවේගී දුම්රිය ඉන්දුනීසියාවේ Jakarta අගනුවර සහ සුප්‍රසිද්ධ Bandung සංචාරක නගරය සම්බන්ධ කරන අතර, උපරිම වේගය පැයට කිලෝමීටර් 350 කි. නගර දෙක අතර පැවති පැය 3 ක ගමන් කාලය විනාඩි 46ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයකි.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය