2021 ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL තරඟාවලියේ කැන්ඩි ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකාරිත්වයද වෙනස් වී ඇති බව තරගාවලිය සංවිධානය කරනු ලබන IPG ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව Kandy කණ්ඩායමේ නව හිමිකරුවන් වන්නේ ඉන්දීය ජාතිකයන් වන, රවී ගුප්තා සහ පන්කජ් ත්‍රිපති යන ව්‍යාපාරිකයන් දෙදෙනායි.
මෙම නව හිමිකාරිත්වය යටතේ Kandy කණ්ඩායමේ නව නාමය මෙතෙක් නිවේදනය කර නැහැ.
මේ අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ කාර්ය මණ්ඩලයද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ ගනේෂන් වහීසන් මහතායි.
ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රවීණ පුහුණුකරුවෙකු වන තිළිණ කණ්ඩම්බි පත් කර ඇති අතර කණ්ඩායමේ නායකත්වය භාර දී ඇත්තේ තිසර පෙරේරාටයි.
මීට අමතරව තොරතුරු සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සාරංග විජේරත්න මහතා පත් කර තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි