ලබන අගෝස්තු මස මුල් සතියේ දින 04ක් පාර්ලිමේන්තුව රැස්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණයකර ඇති බව වාර්තා වේ.
ලබන 03 වනදා සිට 06 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්විමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කාරක සභා රැස්විමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව 03 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය පැවැත්විමට නියමිතය.
04 වනදා ඡන්දහිමියන් ලියාපදිංචි කිරිමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනයට අදාළ සංශෝධන පනත් කෙටුම්පත පිළීබඳ විවාදය පැවැත්විමට නියමිතය.
අගෝස්තු 06 වනදා ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිවිද්‍යාල පනත් කෙටුම්පත විවාදයට ගැනිමට නියමිත බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට