පවත්නා කොවිඩ් අවදානම හමුවේ තෙවන රැල්ලෙන් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU ) දැඩි සත්කාර සේවා ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මේ අනුව ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඇඳන් 03ක් කොවිඩ් රෝගීන්ගේ දැඩි සත්කාරක සේවා සදහාත්, ඒකක තුළ ICU ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කොට Hi-flow ඔක්සිජන් ඇතුළු සියලු පහසුකම් ලබාදීමටත් පියවර ගෙන ඇති බව සෞඛය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර ඇත.
මෙම දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන වෛද්‍යවරු 30 ක්, හෙදියන් 80 ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට අමාත්‍යවරිය උපදෙස් ද ලබාදී තිබේ.
එම කටයුතු සොයාබැලීම සඳහා ඊයේ (29) රාත්‍රියේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක සෞඛය ඇමතිනීය නිරතව තිබුණි.
- Aruna news
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්