Lai Qingde “ඇමරිකාව හරහා සංචාරය කිරීම” පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා ස්ථාවරය පැහැදිලි කරයි.
මාධ්‍ය වාර්තාවකට අනුව, චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා නියෝජ්‍ය නායක Lai Qingde එළඹෙන 12 වනදා පැරගුවේ ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා චීනයේ තායිවාන ප්‍රදේශයේ සිට ඇමරිකාවේ New York සහ San Francisco හරහා සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව තායිවාන ප්‍රදේශයේ ප්රජාතන්ත්රවාදී ප්‍රගතශීලී පක්ෂය ඊයේ(2) නිවේදනය කළේය.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ ඇමරිකාව සහ චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම ආකාරයක නිල හුවමාරුවකට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවයි. “තායිවාන බෙදුම්වාදීන්” කිසිදු නමකින් සහ ඕනෑම හේතුවක් මත ඇමරිකාවට යාමට චීනය දැඩි ලෙස විරුද්ධ වේ.එමෙන්ම “තායිවාන බෙදුම්වාදීන්ට ” හා ඔවුන්ගේ බෙදුම්වාදී ක්‍රියාකාරකම්වලට ඇමරිකාව අනුග්‍රහය සැපයීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවද එහිදී ප්‍රකාශකයා සඳහන් කළේය.
එකම චීනය පිළිබඳ මූලධර්මය සහ චීන- ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන ස්ථිරව අනුගමනය කර “තායිවාන බෙදුම්වාදීන්ට” සහාය නොදීම පිළිබඳ ව ඇමරිකානු නායකයන් ලබා දුන් ප්‍රතිඥාව සැබවින්ම ක්‍රියාත්මක කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කළේය. එමෙන්ම Lai Qingdeට “ඇමරිකාව හරහා සංචාරය කිරීම”ට අවසර නොදෙන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද එහිදී ප්‍රකාශ කෙරිණ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි