ලොවක් වසඟයට ගත් වේල්සයේ කුමරිය හෙවත් ඩයනා කුමරිය සම්බන්ධයෙන් ඇය අද ජීවතුන් අතර නැතත් කාලයෙන් කාලයට ඇය සම්බන්ධ පරණ කතා අළුත් වෙයි.
අද දවස වන විට තත්ත්වය තවත් උඩු යටිකුරු කරමින් ඇගේ ජීවිතය සහමුලින්ම වෙනස් වූ සංධිස්ථානයක් ගැන කරුණු තහවුරු වීමක් සිදුව තිබේ.
ඩයනා කුමරිය ලොව ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වන්නේ එවකට BBC ආයතනයේ මාධ්‍යවේදියෙකු සමඟ අතිශය රහසිගතව සිදුකළ සම්මුඛ සාකච්ජාවෙන් පසුව වන අතර ඇගේ ජීවිතයේ අතිශය පෞද්ගලික මෙන්ම රජ මාළිගයේ රහස් විවෘත වීම හේතුවෙන් ඇයව රජ පවුලෙන් ප්‍රතික්ෂේප වී තිබුණි.
ඩයනා කුමරියව එම ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ජාව සඳහා නම්මවා ගැනීමට ලෝක ප්‍රසිද්ධ BBC ආයතන විසින් අසත්‍ය වාර්තා සකස් කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇත.
එය තහවුරු වීමත් සමඟ ඩයනා කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන විලියම් කුමාරයා විසින් මාධ්‍යයට පවසා තිබෙන්නේ සිය මව වන ඩයනා කුමරියගේ ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් වීමට, ඇය සම්පූර්ණයෙන් හුදෙකලා වීමට එම සාකච්ජාව හේතු වී ඇති බවයි.
ඒ අනුව ඇය පත්ව සිටි විශාල මානසික ආතතිය ඇගේ මරණය කරාම රැගෙන ආවාද? දැන් ඇත්තේ එම සංවාදයයි.
ලෝක ප්‍රසිද්ධ BBC මාධ්‍ය ආයතන සිදුකර තිබෙන එම විශ්වාසය පළුදු කිරීම මේ වන විට ලෝක ප්‍රජාවගේම දැඩි අප්‍රසාදයට හේතුවී තිබේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි