ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට සුපිරි බොලිවුඞ් නලු ශාරුක් ඛාන්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ශාරුක් ඛාන් මේ වන විටත් අයි.පී.එල්. තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ටි්‍රන්බෑගෝ නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනවා.
ඔහුට අමතරව කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ සම හිමිකරුවන් වන නෙස් වාඩියා, මෝහිත් බර්මන් සහ බොලිවුඞ් නිලි ප්‍රීටි සින්ටා වෙත ද මේ සදහා ඇරයුම් ලැබී ඇති බව සදහන්.
එමෙන්ම, බොලිවුඞ් නලු අභිෂේක් බච්චන් සදහා ද එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට ආරාධනා කර තිබෙනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක