ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට, 2024 වසර දක්වා එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි IPG සමාගම කටයුතු කර තිබෙනවා.
මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කර ඇති බව සදහන්. හිමිකාරිත්වයන් අවලංගු වූ කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් මිලදී ගැනීම සඳහා පාර්ශව රැසක් ඉදිරිපත්වූ බව IPG සමාගම සදහන් කළා.
එහි කටයුතු අවසන් අදියරේ මේ වන විට පවතින බව ද සදහන්.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (දෙවැනි අදියර) ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම තරගාවලිය සදහා අදාළ කණ්ඩායම් දෙක නව හිමිකාරීත්වයක් යටතේ, නව නාමයන් ද සහිතව තරග කිරීමට නියමිතයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්