ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙරට ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම (Player draft) අද (19 වැනිදා) දිනයේ තවත් හෝරා කීපයකින් පැවැත්වෙනු ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ.
270 දෙනෙකුගෙන් සමන්විත විදෙස් ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රීඩකයින් 165 කු අද දිනයේ දිනයේ පැවැත්වෙන ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර සිටියි. එම ලැයිස්තුවට අමතරව බහුතරයක් නැගී එන සංචිතය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ඇතුළත් 50 කට ආසන්න සංඛ්‍යාවක් අතිරේක ක්‍රීඩක ලැයිස්තුවකට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ඒ ඒ කණ්ඩායම් අයිතිකරුවන්, පුහුණුකරුවන් හෝ කණ්ඩායම්හි හිමිකාරීත්වය විසින් නම් කරන ලද පිරිසක් විසින් සිදුකරන අතර, කුසපත් ඇදීමකින් අනතුරුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනු ඇත.
එහිදී තම කණ්ඩායමට අයත් ක්‍රීඩකයකු තෝරා ගැනීම සඳහා එම කණ්ඩායම් හිමිකාරීත්වයන්ට මිනිත්තු 2 ක පමණ කාලයක් හිමි වන අතර කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් 16 දෙනා තෝරා ගැනීම සඳහා එවැනි වට 16 ක් පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග වදිනු ලබන කණ්ඩායම් 5 සඳහා සංඛේතාත්මක (Icon Player) ක්‍රීඩකයින් 6 දෙනෙකු මේ වන විටත් නම් කර තිබෙන අතර ඔවුනට අමතරව තවත් ක්‍රීඩකයින් 2 දෙදෙනකු සංඛේතාත්මක ක්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට එක් කර ගැනීමේ අවස්ථාව කණ්ඩායමට හිමිකාරීත්වයට උදාවනු ඇත. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් පෙරේරා, දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල නම් කර ඇති සංඛේතාත්මක ක්‍රීඩකයින් වේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්