ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් LPL තරගාවලියේ විනිවිදබව ප්‍රශ්න කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාට ලිපියක් අද (16) යොමු කර තිබෙන බව වාර්තා වනවා.
ඒ ලබන 26 වැනිදා LPL තරගාවලිය ආරම්භ වීමට නියමිත තිබෙන වකවානුවකයි. අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමු කරන මූලික කරුණු බව සදහන් වන්නේ පහත සදහන් ප්‍රශ්ණයි?
- මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?
- මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?
- අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?
- ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )
- මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)
- කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ දේශීය තරග පාවාදිමට වැරදිකරුවකු වූවකු මෙම තරගාවලියේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට උචිත ද යන්නයි.




More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි