ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් තෝරාගැනීම සිකුරාදා දිනයේදී සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා
ඒ සඳහා විදේශීය ක්‍රීඩකයින් 300ක් සහ දේශීය ක්‍රීඩකයින් 300ක් ඇතුළත්
ක්‍රීඩකයින් තෝරාගැනීම වට 20කින් යුක්ත වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
ක්‍රීඩක තෝරාගැනීමෙන් පසු කණ්ඩායම් හිමිකරුවන්ට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් සමන්විත 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරා පත් කර ගැනීමට හැකියි
මෙම ක්‍රීඩක තෝරාගැනීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නියමිතයි
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි