ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් 2020 තරඟාවලිය ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෞඛ්‍යය අමාත්‍යංශය සහ කොවිඩ් – 19 කාර්ය සාධක බලකාය අවසරය හිමි වෙයි.
මෙලෙස ඊට අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ස්තූතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළ කර තිබේ.
එසේම කොරෝනා වයිරසය සමඟ සාමාන්‍ය ක්‍රියාවලියට අනුගතවෙමින් සහ රට යථා තත්ත්වයට පත් කිරීමට රජය දක්වන කැපවීම මෙමගින් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි