LPL තරඟාවලියේ තුන්වන අදියර ලබන ජුලි මස 31 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ තරඟාවලිය ජුලි මස 31 වැනිදා සිට අගෝස්තු මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.
කණ්ඩායම් 5කින් සමන්විත තරඟාවලියේ මූලික තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහ අනෙකුත් තරඟ හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
සමස්ත තරඟාවලියේ තරඟ 24ක් පැවැත්වෙන අතර ජාත්‍යන්තර ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි