2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තෙවන අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) ඊයේ (05) පැවැත් වුණා. විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා ඉදිරිපත් කර තිබුණා.
කෙටුම්පත් කිරීම සිදු කිරීමට පෙර, පසුගිය තරඟ වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු උපරිම වශයෙන් සංචිතයේ රඳවා ගැනීමටත්, දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු හා විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ සෘජුවම ගිවිසුම්ගත වීමටත් කණ්ඩායම්වලට අවස්ථාව ලබා දී තිබුණා.
ඒ අනුව සෑම කණ්ඩායමක් විසින්ම සිය සංචිතයට අවශ්‍ය විදෙස් ක්‍රීඩකයින් 6 දෙනා හා දේශිය ක්‍රීඩකයින් 14 දෙනා මේ වන විට තෝරාගෙන තිබෙනවා.
මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම විශේෂ සිදුවීමක් වූ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හා තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංකද කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී ගෙන තිබුණේ නැහැ.
පසුගිය තරඟ වාරයේ දී කැන්ඩි වොරියර්ස් නමින් තරඟ වැදුණු මහනුවර කණ්ඩායම මෙවර තරඟාවලියේ දී කැන්ඩි ෆැල්කන්ස් (Kandy Falcons) යන නමින් තරඟ කිරීමට නියමිතයි. අදාළ සංචිත පහතින්,
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්