ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අදියරේ තරඟ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට අවධානය යොමුව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.
ඒ අනුව තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගනවල ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 25 කට ක්‍රීඩාංගනයේ සිට තරඟ නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමටයි අවධානය යොමුකර ඇත්තේ. කෙසේ නමුත් මෙම අවසරය හිමි වන්නේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණක් බවයි මහාචාර්ය අර්ජුන ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි