ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය 2021 නොවැම්බර් දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.
ඒ පිළිබඳව ඉදිරියේදී නිල වශයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මීට පෙර LPL තරඟාවලිය ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද වෙනත් රටවල ලීග් තරඟාවලි කිහිපයක් එම දිනවලම පැවැත්වෙන බැවින් ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය අඩුවීම මෙම තීරණයට හේතුවී ඇති ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනට එක් වෙමින්.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි