ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 10 ක් ලබාගනිමින් හා ශුද්ධ ලකුණු වේගය 2.389 ක රඳවා ගනිමින්.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය Dambulla Giants කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු 7 ක් ලබාගෙන ශුද්ධ ලකුණු වේගය -1.155 ක රඳවාගෙන තිබෙනවා. එම සටහනේ 3 වන ස්ථානයට පත්ව තිබෙන්නේ Galle Gladiators කණ්ඩායමයි.
ඔවුන් ප්‍රසාද ලකුණු 5 ක් ලබාගෙන ශුද්ධ ලකුණු වේගය -0.106 ක රඳවාගෙන තිබෙනවා. Colombo Stars කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින්.
Kandy Warriors කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගනිමින් 5 වන ස්ථානයේ පසුවනවා.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි