ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම අදාල වෙන්දිසිය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම වෙන්දේසියට මේ වනවිට මාස 06 ක කාලයක් දේශීය ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් , ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා ද ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම ක්‍රීඩකයින් තිදෙනා මිළදී ගැනීමේ හැකියාව ඛඡඛ කණ්ඩායම් හිමිකරුවන්ට ලැබී තිබෙනවා.
මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 300ක් සහ දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙක් එක්කර තිබෙනවා.
ඒ අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමට හැකියාව පවතින අතර එහිදී දේශීය ක්‍රීඩකයින් 14ක් සහ විදේශීය ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් කණ්ඩායමේ සංයුතිය සකස් විය යුතුයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි