චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(19) පෙරවරුවේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි Ho Iat Seng මහතා සමග ගුවාන්ග්දොං පළාතේ හෙන්ග්චින් උපනගරයේ පිහිටි ගුවාන්ග්දොං-මැකව් පුළුල් සහයෝගීතා කලාපයේ නිරීක්ෂණයකට එක් විය.
ඔහු එහිදී එම කලාපයේ ජීවත් වන හා ව්‍යාපාර ආරම්භ කර ඇති මැකව්හි පුරවැසියන් මෙන්ම, එම කලාපයේ සැලසුම්, ඉදිකිරීම්, කළමනාකරණ සහ සේවාවන් ආදී විවිධ ක්ෂේත්රවලට සම්බන්ධ නියෝජිතවරුන් සමග සුහද කතාබහක යෙදී ඇත. ‘මැකව්+ හෙන්ග්චින්’ යන්න, එක් රටක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තියේ සාර්ථක ආදර්ශයක්, ගුවන්ග්දොං-හොංකොං-මැකව් මහා බොක්ක කලාපයේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරන ප්රමුඛස්ථානයක් හා රටේ උසස් විවෘතභාවය පිළිබඳ නව වේදිකාවක් බවට පත් වෙමින් පවතින බව ඔහු පෙන්වා දී තිබේ.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය
ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ චීනයේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට