රුවන්වැල්ල, ඉඹුලාගල ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කම්හලක් වැටලීමට පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ෂන අංශය සමත් වී තිබෙනවා.
ගිනි අවි නිෂ්පාදන කම්හල වටලන අවස්ථාවේ එහි සිටි සැකකරුවෙකු සමග ගිනි අවි රැසක් අත්අඩංගුවට ගෙන ගැනුණා.
මෙම ආයුධ නිෂ්පාදන කම්හලෙන් ගිනි අවි නිපදවා දිවයිනේ විවිධ ප්‍රදේශවලට අපරාධ සදහා ප්‍රවාහනය කර ඇති බවයි මුලික විමර්ශන වලින් හෙළිවී තිබෙන්නේ.
ගිනි අවි නිෂ්පාදන කම්හල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ