සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (එම්. සී. සී.* සම්බන්ධව සිදු කළ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාට උපදෙස් දුන්නා.
ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුන්නේ එම්. සී. සී. ගිවිසුම සම්බන්ධ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේදී කමිටු සාමාජිකයන් විසින් ජනාධිපතිවරයාට භාරදුන් අවස්ථාවේදීයී.
විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡුා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැුසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06 ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණි.
MCC අවසන් වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන්න – ජනපතිගෙන් උපදෙස්

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ