ඇමරිකානු එම්සීසී ප්‍රදානය ලබා දෙන ලෙස මුලින්ම ඉල්ලීම් කරනු ලැබුවේ 2005 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කර ඇත.
මෙරට පිහිටි ඇමරිකා තානාපති කාර්යාලයේ මහජන කටයුතු නිලධාරියා වන ඩේවිඩ් මැක්ගුවර් විසින් ඩේලි මිරර් පුවත්පතට මේ බව සඳහන් කර තිබේ.
ඇමරිකානු එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම දේශපාලනකරණය වීම සහ නිවැරදි නොවන තොරතුරු හුවමාරු වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පවසා ඇත.
රටවල් 30කට ආසන්න ප‍්‍රමාණයක් 37 වතාවක් එක්සත් ජනපදය සමඟ සාර්ථකව හවුල් වී මෙම ගිවිසුම ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ආසියා රටවල්ද ඇතුළුව දෙවන ප්‍රදානයක් සඳහා සුදුසුකම් ඇති සෑම රටක්ම එය ඉල්ලා සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
ඩේලි මිරර් ලිපිය >>> http://www.dailymirror.lk/print/front_page/US-debunks-claims-on-MCC/238-190760
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්