එම් සී සී ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාව ට පටහැනි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට කරුණු දැන්වූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කලේ.
අමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබු එම ගිවිසුම යටතේ මෙරටට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව පසුගිය දෙසැම්බර් මාසයේ දී තීරණය කලා.
ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමටයි තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි