චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්යක්ෂ සහ විදේශ ඇමති Wang Yi මහතා ඇමරිකානු-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුවේ අධ්යක්ෂ මණ්ඩලයේ විධායක උප සභාපති Evan Greenberg මහතා හමු වෙයි. එම හමුව ඊ (26) චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ.
චීනය සහ ඇමරිකාව දෙරටේ රාජ්‍ය නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතා සහ දැක්මට අනුව මඟ පෙන්විය යුතු බවත්,හුවමාරු ශක්තිමත් කළ යුතු බවත්,වෙනස්කම් කළමනාකරණය කළ යුතු බවත් Wang Yi මහතා මෙහිදී පැවසීය. සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන මූලධර්මය මත පදනම්ව එකිනෙකාගේ සාධාරණ අවශ්‍යතා වෙනුවෙන් අවධානය යොමු කිරීම සඳහා ඇමරිකාව සමඟ සංවාද හා උපදේශන පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.
එමෙන්ම වත්මන් වැඩි වෙමින් පවතින අවදානම් සහ අවිනිශ්චිතතාවයන් සහිත ලොවක් තුළ, දෙපාර්ශ්වයටම සාමය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා දෙරටම සහභාගීත්වය තහවුරු කළ යුතු බව Evan Greenberg මහතා මෙහිදී පැවසීය. ඒ සඳහා ඇමරිකානු-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුව මෙන්ම තමා ද අඛණ්ඩව ධනාත්මක උත්සාහයන් දරනු ඇති බව ඔහු පැවසීය.

More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය