චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීන හා ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන 10ක ප්‍රධානීන්ගේ සංසදය සඳහා චීනයට පැමිණි එම ආරාධිතයින් හමු වෙයි. හමුව අද(10) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන සමඟ එක්ව බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් ජාත්‍යන්තර සහයෝගිතා ප්‍රවර්ධනය කොට ගෝලීය දකුණේ රටවල සංවර්ධනයට සහාය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. සමානාත්මතාවයෙන් යුතු විධිමත් ලෝක බහු ධ්‍රැවීකරණය සහ විශ්වීය ප්රතිලාභ හා සහභාගිත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කොට පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම චීනයේ අපේක්ෂාවයි.
මෙම වසරේ ආර්ථික වර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගෙන ලොව දැවැන්තම ආර්ථික වර්ධන එන්ජිම ලෙස සිය කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම පිළිබඳව චීනය පූර්ණ විශ්වාසය තබා ඇත. විවිධ රටවල සංවර්ධනය සඳහා තවත් නව අවස්ථා ලබා දෙමින් සංවර්ධනයේ වැඩි ලාභාංශ බෙදා ගැනීමට චීනය බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
ජගත් ආර්ථික සංවිධාන, ප්‍රතිසංස්කරණයට සක්‍රීය ලෙස එක් වෙමින් වඩා සාධාරණ හා යුක්ති සහගත ගෝලීය ආර්ථික පාලන පද්ධතියක් නිර්මාණය කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
නව සංවර්ධන බැංකු අධිපතිනි Dilma Rousseff මහත්මිය ඇතුළු එම සංවිධානවල ප්‍රධානීන් සිය දේශනයන්හි දී පැවසුවේ චීන ආර්ථික වර්ධනයේ ජයග්‍රහණ ඉහළින් අගය කරන බවයි. ලොව පොදු සංවර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනයට වඩා විශාල කාර්යභාරයක් ඉටු කිරීම සඳහා චීනය සමඟ සහයෝගිතා සමීපව පවත්වමින් බහුපාර්ශ්වවාදය අනුගමනය කොට නිදහස් වෙළඳාම හා ආර්ථික ගෝලීකරණය ආරක්ෂා කිරීමට සූදානම් බව ඔවුන් පවසා ඇත.
More Stories
චීන ජනපති මැකව් විශේෂ පරිපාලන කලාපයට ළඟා වෙයි
චීන ජනපති සහ චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අතර හමුවක්
චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු රූපවාහිනී වැඩසටහන් මාලාවක විකාශය ඇරඹේ