චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ නව විධායක නිලධාරී Sam Hou Fai මහතා හමුවෙයි. එම හමුව අද(20) පෙරවරුවේ මැකව් හිදී පැවැත්වුණේ Sam Hou Fai මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ය.
මැකව් විශේෂ පරිපාලන කලාපයේ හයවන විධායක නිලධාරිවරයා ලෙසට දිවුරුම් දුන් Sam Hou Fai මහතා වෙත ෂී ජින්පිං මහතා සිය සුභාශිංසන එක් කළේය. Sam Hou Fai මහතාට සිය වගකීම් හා යුතුකම් මැනවින් ඉටු කළ හැකි වෙතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. එමගින් මැකව් හි නව ආණ්ඩුවට හා විවිධ ක්ෂේත්‍රවලටත් ඉහළ නායකත්වයක් ලබා දීමෙන් ‘එක් රටක් ක්‍රම දෙකක්’, ‘මැකව් ජනතාව විසින් මැකව් පාලනය කිරීම’, ඉහළ ගුණාත්මකභාවයෙන් පාලන කටයුතු සිදු කිරීම ඇතුළු ප්‍රතිපත්තීන් නිසි අයුරින් ක්‍රියාවට නැංවීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධන ප්‍රතිලාභ දැඩි ව ආරක්ෂා කරමින් ආර්ථික සංවර්ධනය විවිධාකාරයෙන් සහතික කිරීමට ද අපේක්ෂිත ය. එසේ ම, ජනතාවගේ සුබ සිද්ධීන් තහවුරු කරමින් කලාපයට අනන්‍ය කැපී පෙනෙන ලක්ෂණ ඔස්සේ රටේ සංවර්ධන ක්‍රියාපිළිවෙළ හා සම්බන්ධ වී මැකව් හි වඩාත් ඉහළ මට්ටමේ සංවර්ධනය වෙත දායකත්වයක් ලබා දිය හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීන මධ්‍යම රජය Sam Hou Fai මහතාට මෙන් ම මැකව් විශේෂ පරිපාලන කලාප රජයට ද උපරිම සහයෝගයක් දක්වන බව ද ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මැකව් හි නව ආණ්ඩුව සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගයෙන් සහ සාමූහිකත්වයෙන් යුතුව ‘එක් රටක් ක්‍රම දෙකක්’ යන ප්‍රතිපත්තිය මැකව් හි නිසි අයුරින් ක්‍රියාවට නැංවීම සඳහා කැපවීමෙන් යුතුව රාජකාරි කිරීමට තමා සූදානම් බව Sam Hou Fai මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි